Tags » Jayalalitha

ஜெயலலிதாவைக் காப்பாற்றும் சட்ட‍ப்பிரிவு 313 - ஓர் அலசல்

ஜெயலலிதாவைக் காப்பாற்றும் ஆபத்பாந்தவன் சட்ட‍ப்பிரிவு 313 – ஓர் அலசல்
சொத்துக்குவிப்பு வழக்கில் பெங்களூரு சிறப்பு நீதி மன்ற நீதிபதி ஜான் மைக்கேல் டி குன்ஹா அவர்களால், ஜெயலலிதா

தெரிந்து கொள்ளுங்கள்

ජයලලිතා පොදු අපේක්ෂකයා කරමු

මීළඟ ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු සොයාගැනීම තරම් දුෂ්කර සහ කරදරකාරී දෙයක් අපේ රටේ ඉතිහාසය පුරාම වාර්තා වී නැති වෙන්නට තියෙන ඉඩ වැඩිය. ස්වේච්ඡාවෙන් මී පාසානන් කෑමට කැමති මීයෙකු මීට වඩා බොහෝ පහසුවෙන් සොයාගත හැකි බව අපේ අදහසයි. පොදු අපේක්ෂකයා ගැන ලැබෙන හැම ආරංචියක්ම ඉතාම කම්මැලි, මෙලෝ රහක් නැති, අලස හැඟීමක් ජනතාව තුළ ඇති කරයි. පොදු අපේක්ෂකයා ජනතාවට එච්චරටම එපා වී ඇති මොහොතක, ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයෙකු ගෙන එන්නට මෙච්චර දතකන්නේ ඇයිද යන්න සොයා බැලීම වටී.

පොදු අපේක්ෂකයෙකු එන්නේ ඇයි? සරළම පිළිතුර වන්නේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම පිණිස කියලාය. මෙම කතාවේ ඇති ලොකුම විහිළුව වන්නේ විධායක ජනාධිපතිධූරය අවුරුද්දක් තුළ අහෝසි කරන බවට අපේ රටට පමණක් නොව මුළු ලෝකයටත් ඉන් නොවැනවතී අකනිටා බ්‍රහ්ම ලෝකයටත් ඇහෙන විදියට මුරඟා පැවසූ, නමුත් දෙපාරක්ම ජනපති වී අවුරුදු 11ක් රට පාලනය කළ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට පොදු අපේක්ෂිකාව ලෙස පැමිනෙන ලෙස විපක්ෂ පිරිස් ආරාධනා කිරීමය. දැනට ලැබෙනා ආරංචි අනුව ඇය එම යෝජනාවන් ප්‍රතික්ෂේප කර ඇත. ඒ අනුව ඇයට තවමත් දේශපාලන ලැජ්ජා බය තිබෙනා බව අපට වැටහේ. ඒ වගේම ඇයගේ මිතුරු වික්ටර් අයිවන් විසින් රචිත “චෞර රැජිණ” පොතේ කරුණු තවමත් අපිට මතකය. ඒ පොත ගැන හෝ එහි අන්තර්ගතය ගැන චන්ද්‍රිකා මැතිණිය මීක් ගාන්නේ නැත්තේ ඇයි කියලා අපිට ලොකු ප්‍රශ්නයක් ඇත. ඒ ගැන ඇය දෙන පිළිතුර දෙස අපි බලා සිටිමු.

රටේ සෑමදෙනාගේම අතිශය ගෞරවාදරයට පාත්‍රව සිටින කීර්තිමත් බුද්ධපුත්‍රයාණන් වහන්සේ නමක් වන මාදුළුවාවේ සෝභිත අපේ නායක හාමුදුරුවන් වහන්සේද පොදු අපේක්ෂකයා වීම සඳහා ඉමහත් ආසාවෙන් සහ බලාපොරොත්තුවෙන් සිටිනා යතිවරයාණන් වහන්සේ නමකි. තරඟයට සහ බලයට පමණක් මුල්තැන අනිත් හැමදේටම දෙවැනි තැන දෙන ගිහියන් විසින් අරක්ගත් දේශපාලනය වැනි පරිහානිගත සාධකයක් වැළඳ ගැනීමට යාමෙන් අපේ මාදුළුවාවේ සෝභිත නායක හාමුදුරුවන් වහන්සේ ස්වකීය සංසාර ගමන තව තවත් දීර්ඝ කරගන්නට උත්සාහ දරන්නේ මන්ද කියා අපි කල්පනා කරන්නේ නැත. නමුත් අවාසනාවට කරුණ වන්නේ උන්වහන්සේගේ ඒ ආශාව ඉටුනොවනා තැනට කරුණු කාරණා සිදුවෙමින් පැවතීමයි. තමන් පොදු අපේක්ෂකයා වීමට සූදානම් බව උන්වහන්සේ විසින් ප්‍රකාශ කර අදට මාස දෙකකටත් වැඩි මිසක් අඩු නැත. ඒ වෙනුවෙන් ජනතා ඒක රාශීකිරීම් කීපයක්ම උන්වහන්සේ විසින් සංවිධානය කරන ලද අතර ඒවාට විපක්ෂ දේශපාලක පොරවල් පැමිණ වාඩි වී සිට කතා පවත්වා ගිය ආකාරයද අපට අමතක නැත. නමුත් ඒ තන්හාධික දේශපාලක බුවාලා සෝභිත හාමුදුරුවන්ට පොදු අපේක්ෂකකම දෙන පාටක්වත් නැත.

පොදු අපේක්ෂක ලයිස්තුවේ ඊළඟ නම රනිල් වික්‍රමසිංහය. මීට පස්සේ එජාපය ජනාධිපතිවරණ සඳහා තනි පක්ෂයක් ලෙස ඉඳිරිපත් වීම ස්ථිර බව නායකතුමා ප්‍රකාශ කලේ පහුගිය පක්ෂ සම්මේලනයේදීය. ඒ කතාව කියා දින 365ක් යන්න මත්තෙන් දැන් ආයෙත් පොදු අපේක්ෂක කතා කියන නායකතුමාගේ දේශපාලන සදාචාරය ගැන අපට ගානක්වත් නැත. මන්දයත් නායකතුමාගේ දේශපාලන සදාචාරේ තරම පහුගිය අවුරුදු කීපයේදීම එතුමා විසින්ම මැනවින් ක්‍රියාවෙන්ම පෙන්වා දී තිබූ නිසාය. රනිල් වික්‍රමසිංහ මහතා එජාප අපේක්ෂකයා ලෙස එන්නේ නැත්තන් තමන් ඒ සඳහා සූජානම් බව සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා ප්‍රකාශ කළේය. හැබැයි ඉතින් එතුමාට නම් මේ භද්‍රකල්පයේදී එජාපයේ ජනාධිපතිධූර අපේක්ෂකකම නොදෙන බව අපට විශ්වාසය. ඒ නිසා ඒ ගැන ලියනා එක අකුරකුත් වැඩකට නැත්තේය. පොදු අපේක්ෂකයාවී රටටම හිරු පෑවීම සඳහා ආදරණීය ආශාවක් කරූ ජයසූරිය මහතාටත් ඇතිබව අපට ආරංචිවන ඊළඟ තොරතුරය. නමුත් දේශපාලනයේ අයන්න ආයන්න පමණක් නොව A B Cවත් තවම හරියට නොදන්නා උපේක්ෂා ස්වර්ණමාලී හෙවත් පබා මන්ත්‍රීතුමිය 2010දී පාර්ලිමේන්තු එන්නේ කරු ජයසූරිය මහතාවත් මනාපවලින් පරාද කරමින්ය. පබා අද ආණ්ඩු පක්ෂේ හිටියත් පබාගෙන් උගත් පාඩම් කරූ ජයසූරිය මහතාට වගේම අපටත් අමතක නැතිබව මෙහිදී මතක් කළ යුතුය. තමන් දේශපාලනය කරනා ගම්පහින් ලබා ගන්නට බැරි ජයග්‍රහණ සමස්ත රටෙන්ම ලබාගන්නේ කෙළෙසද කියන ගැටළුව කරු ජයසූරිය මහතාගේ හිතේ හොල්මන් කරනා බව අපි දන්නා බවද කියන්නට වෙනවාය.

ඊළඟට පොදු අපේක්ෂක චක්කරේ කැරකෙන්නේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කීර්තිමත් ක්‍රීඩක අර්ජුන රණතුංග වෙතය. ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ක්‍රිකට් නායකයෙක් ලෙස පමණක් නොව වංචාඅවෙන් දූෂණයෙන් තොර පුද්ගලයෙක් ලෙස සහ ඇත්ත කෙළින් කතා කරන පුද්ගලයෙක් ලෙස අර්ජුනට රටේ ජනතාවගේ ලොකු සැලකිල්ලක් ගෞරවයක් ඇත. පොදු අපේක්ෂකවීමෙන් ඒ සැළකිල්ල නැතිකරගැනීමට ඔහු උත්සාහ කරයිද කියන්න තවමත් කල්වැඩි අතර අර්ජුන සිහිබුද්ධියෙන් කටයුතුකරනු ඇතැයි රටේ බහුරතයක් මිනිස්සු කල්පනා කරන බවද කියන්නට ඕනෑය.

දැනට තරඟ කළ විපක්ෂයේ එකම පොදු අපේක්ෂකයා වූ හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යළිත් පොදු අපේක්ෂක උර චක්කර මාලේ ඇඟේ දාගන්නවා තබා මේ රටේවත් වසන්නට කැමති නොවන බව අපට විශ්වාසය. 2010 ජනාධිපතිවරණයේදී ජ.වි.පෙ සහ එජාපයේ අතේ තිබූ දිරච්ච ලණුව උදුරාගෙන ගිල්ල ෆොන්සේකා මහතාව අද පොදු අපේක්ෂකයා ලෙස ඉඳිරිපත් කරන්නට ජවිපෙ සහ එජාපය ක්‍රියා නොකරන්නේ ඇයිද කියන එක ගැන අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවාය. එදාත් එජාපය බලාගෙන හිටියේ ජෙනරාල්තුමා පරදිනකන්ය. පොදු අපේක්ෂක මෙහෙයුම් කාර්යාලේ තිබ්බ හෝටලේදී මංගල සමරවීරට කැරකිලා වැටෙන්න කනේ පාරක් ජෙනරල්තුමා ගැහුවේ මේ නිසාය. ඡන්ද ප්‍රතිඵල කියද්දී රනිල්ලා, අනුරලා, හකීම්ලා, තොන්ඩමන්ලා, මංගලලා හොයන්නවත් නැති විය. අන්තිමේදී ජෙනරාල් තනිවිය. ළඟ ඉතුරුවුනේ අනෝමා නෝනාමහත්මිය පමණක්ම විය. මෙවන් විපත් මිනිසුන්ට වීම ගැන ලොකු කණගාටුවක් අපේ හිත්වල තියෙනවාය. නමුත් ඒවාට වගකිවයුතු පුද්ගලයෝ අද තවත් බිලීබෝයි කෙනෙක් හොයන බවත් පේනවාය.

මාස ගනනාවක පටන් නටන්න පුළුවන් හැම නාඩගමක්ම නැටුවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ට විරුද්ධව තරඟ වදින්නට එන්න පොදු අපේක්ෂකයෙක් හොයාගන්න නැත්තේය. ඒකෙන් පෙනෙන්නේ විපක්ෂේ කොච්චරනම් දුර්වලද යන්නය. ගොඩක් අයට පොදු අපේක්ෂකයා වෙන්න ආසය. ඒත් බයය. මොකද කියනවානම් පරාදේ ස්ථීරය. ඒ බව ඒ ඇත්තෝ ඉන්තේරුවෙන්ම දන්නවාය.

පොදු අපේක්ෂකයෙක් හොයාගන්න නැතුව පඹගාලක පැටලී සිටින විපක්ෂයට යෝජනාවක් කරන්න අපි කැමතිය. ඒ ජයලලිතා නෝනාව පොදු අපේක්ෂකයා කරමු කියාය. ජයලලිතාට තහනම් වන්නේ තමිල්නාඩුවේ ඡන්දෙ ඉල්ලන්න පමණක්ය. ලංකාවේ ඡන්දේ ඉල්ලන්න ජයලලිතාට කිසිම තහනමක් නෑය. ඒ වගේම කොටි ඩයස්පෝරාවේ සපෝට් එකත් ඉහළින්ම ගන්න පුළුවන්ය. බටහිර රටවල්වල සපෝට් එකත් ගන්න පුළුවන්ය. ඩ්ලර් කුට්ටිගනන් ලැබෙන එක ෂුවර්ය. ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නේ.

අද මහ පොළොවේ පවතින සත්‍යය නම් පොදු අපේක්ෂකයා යනු මහත් වූ විහිළු රසයක් සපයන වචනයක් සහ ක්‍රියාවලියක් යන්නය.

OurVision

காசு பணம் துட்டு போராட்டம்!

காசு பணம் துட்டு போராட்டம்! இவை எல்லாமே தானாகச் சேர்ந்த கூட்டம் அல்ல; காசு கொடுத்துச் சேர்த்த கூட்டம்.  Read more–>http://antonyrobin.url.ph/?p=553

Politics

Captain Vijayakanth is CM front-runner for TN in 2016

Captain Vijayakanth has made his ambitions clear in his speech to his party workers over the last week-end. He has asserted in his speech that with Superstar Rajinikanth refusing to be drawn into the BJP’s bandwagon, he was the front runner to the Chief-minister-ship of the state. 242 more words

BJPHQ