Tags » Audiogram » Page 2

Factor Two E2: Nine and a Half Hours

Ever fancied climbing The Nose? How about doing it in 9.5 hours with someone you just met? You can listen to #factortwo episode 2 today…

24 more words
Journalism

Factor Two E3: Alone - Off the Wall

Fresh from his NIAD success @DuncanCritchley set out with plans to aid-solo Sunkist, a 31 pitch route on the SW face of El Capitan. Things didn’t quite go according to plan.

24 more words
Climbing

අන්දරේගේ නෝනාගෙයි රජ බිසවගෙයි කතාව මතකද? (කන් ඇසෙනවාදැය කියා බැලීමට කරන පරීක්‍ෂණ)

ඔය කතාව කාට අමතක වුණත් මතක තියන එකම දේ තමයි, ඔය කතාව කන් ඇහෙන්නේ නැති දෙදෙනෙක් අතර පවතින දෙබසක් ගැන බව.අපේ කනෙත් කිසිම ප්‍රශ්නයක් නෑ කියලා පරික්ෂා කරන්නේ කෙසේද?

අපෙ කන් ඇසීම දෙ ආකාරයකට සිදු වෙනවා. වාතය හරහා එන ශබ්ද කන් බෙරයට වැදී ශබ්ද ඇසෙනවා වාගේම, මොළයේ හිස් කබලට වැදී හිස් කබලෙන්ද ශබ්ද තරංග ගමන් ගනී.

ශබ්දයෙහි තීව‍්‍රතාවය මනින්නේ ඩෙසිබල්(decibel) වලිනි. කොඳුරා යමක් කතා කිරීමේදී ඩෙසිබල් 20 ක තීව‍්‍රතාවයක්ද උස් සංගීත රාවයක ඩෙසිබල් 80 – 120 ක පමණ තීව‍්‍රතාවයක්ද, පවතී. සාමාන්‍යයෙන් ඩෙසිබල් 85 කට වැඩි තීව‍්‍රතාවයක් ඇති ශබ්ද නිසා කන් ඇසීමේ හැකියාව පැය කිහිපයකට අහිමි වෙයි.

කන් ඇසෙනවාදැය කියා බැලීමට කරන සරලම පරීක්‍ෂණය “ඕඩියෝමෙට්රි

ටියනිං ෆෝක් එකක්  භාවිතා කර කෙනකුගේ වාතය හරහා කන් බෙරයට වැදී ශබ්ද තරංග ගමන් කරන ආකාරයත් මොළයේ හිස් කබලට වැදී ශබ්ද ගමන් කරන ආකාරයත් මැන බලයි.

එම උපකරණය මේසයට හෝ යම් තැනකට ගසා එය කන අසල තබා කන්බෙරයට වැදී ශබ්ද තරංග ගමන් කරන ආකාරය බලන අතර නළලට හෝ කන පිටුපස ඇති අස්ථි මත තබා හිස් කබලට වැදී ශබ්ද එන ආකාරය බලයි.  මේ සෑම පරීක්‍ෂණයක්ම එක් කනකට එකවර බැගින් කන් දෙකටම සිදු කරයි.

ඕඩියෝග‍්‍රම් (Audiogram)

ඕඩියෝග‍්‍රම් පරීක්‍ෂණයෙන් වඩාත් සවිස්තරව ඇසීම පිළිබඳ තෙරතුරු ලබාගත හැකියි. මෙහිදී ඕඩියෝ මීටරයට සම්බන්ධ කළ ශ‍්‍රවණාධාරයක් ඔබේ කනට සම්බන්ධ කර එක එක ශබ්ද ඇසීමට සලස්වා ඇසෙන මට්ටම කොළයක සටහන් කර ගනී. කන් දෙකේම ඇසීම මේ ආකාරයට පරීක්‍ෂණයට ලක් කරයි එසේ කරන්නේ කන් බෙරයේ වැදී එන ශබ්ද ඇසෙන මට්ටම මැනීමටය.

හිස් කබලේ වැදී එන ශබ්ද මැනීමට ශ‍්‍රවණාධාරය කන පිටු පස අස්ථියට කරයි. එක් වරකට එක කන බැගින් පරීක්‍ෂාවට ලක් කෙරේ. ශබ්දය ඇසුන විට අත් ඔසවා හෝ බොත්තමක් තද කර හෝ වෙනත් ක‍්‍රමයකට එය ප‍්‍රකාශ කිරීමට ද ඔබට උපදෙස් ලැබෙනු ඇත.

කන් ඇසීම අඩු විට, කෙනකු මෙසේ පරීක්‍ෂාවට ලක් කරයි

කන් ඇසීම අඩුවන සුලබ හේතු

බොහෝ විට මෙසේ කන් නොඇසී යන්නේ

  • කන් ආසාදන
  • කනෙහි ඉටි පිරිම
  • කන් බෙරය පැලීම
  • අධික ශබ්ද
  • ඇතුල් කනට හානිකරවන සමහර ඖෂධ ගැනීම

පරීක්‍ෂණය සඳහා විශේෂ සූදානමක් අවශ්‍ය නැත. ප‍්‍රතිඵල එදිනම බලාගත හැකිය.

පරීක්‍ෂණය නිසා කිසිදු අහිතකර ප‍්‍රතිඵලයක් ඇති නොවෙයි.

Sinhala