Tags » Green Technologies

Green Giant

James Whittaker, founder and CEO of GreenTech, is a man on a mission. His goal? To make Cayman a model for the Caribbean region of how sustainable building and renewable energy can – and should – be done. 679 more words

Sustainability

ප්ලාස්ටික් මිනිසා - මහාචාර්ය රාඡගෝපාලන් වාසුදේවන්

2010 වර්ෂය වනවිට ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ඉන්දියාව තුල බොහෝ ප්ලාස්ටික් නිමි භාන්ඩ තහනමි කරනු ලැබීය. එම තහනමින් පසු එක් දිනකට ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් 15,000 ක් ඉන්දියාව තුල එකතු වන්නට පටන්ගත් අතර. ඒවා සමස්ථ ඉන්දියානු මහාමාර්ග දෙපසත්, ගමිබද කුඩා මංමාවත් අවටත්, සමස්ථ ඉන්දීය ඇල දොල ගංගා තුලත් ඒකරාශි වෙමින් පැවතිණි. ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීය ක්‍රියාවලිය කල හැක්කේ 4 වරක් පමණකි. ඉන්පසු එය නිකුත් කරන්නේ මාරාන්තික විෂ වායුවකි.. මීට කඩිනමි විසදුමක් සෙවීම සදහා ඉන්දියානු මධ්‍යම ආණ්ඩුව සිය විශ්වවිද්‍යාලට ආරාධනා කර සිටියේය. එහි ප්‍රතිපලයක් ලෙස මේ ප්ලාස්ටික් මිනිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුවට මුන ගැසිණි.
මදුරෙයි නගරයේ පිහිටි ත්‍යාගරාඡර් ඉංඡිනේරැ විද්‍යාලයේ රසායනික විද්‍යා මහාචාර්ය රාඡගෝපාලන් වාසුදේවන් ඉදිරියේ මෙම ප්ලාස්ටික් අභියෝගයේ රාඡ්‍ය ලියවිල්ල තිබිනි. ඔහුට තිබුනේ එයට විසදුමි සෙවීමටය. එපමණකි. මේ මහා මිනිසා තවත් අවුරැදු දෙකක් ගිය තැන එයට කදිම විසදුමක් ඉදිරිපත් කර සිටියේය. එනමි ‘‘ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මහාමාර්ග තැනීම “ මහාචාර්ය වාසුදේවන් ප්ලාස්ටික් පැරන්හයිටි අංශක 160 ක උෂ්ණත්වයක රත්කල පසු යකඩවලට වඩා ශක්තිමත්බව සොයා ගත්තේය. හේ එයට තවත් රසායනිකයන් එකතුකොට ප්‍රථම මාර්ග පද්ධතිය සිය ඉංඡිනේරැ විද්‍යාල භුමියේ ඉදිකලේය. එම මාර්ගය තාර භාවිතාකොට ඉදිකරනලද මාර්ගවලට වඩා කල්පවතින බවත් ඒවා ඕනෑම ධාරානිපාත වර්ෂාවකට හෝ ගංවතුරකට ඔරොත්තු දෙන බවත් හේ දැන සිටියේය. එනමි ප්ලාස්ටික් ඡලය අවශෝෂනය නොකරයි එය ඡලය ප්‍රතිරෝධකයකි. මාර්ගය නිම කිරීමෙන් පසුව ඔහු ඒවා ඉන්දිය බලධාරින්ට පෙන්වනු ලැබීය. මහාචාර්ය රාඡ්ගෝපාල් ඉදිකල මාර්ගය සදහා වියදමි වී තිබුනේ කිලෝමීටර් 1 දිග මීටර් 4 ක් පලලැති පාරක් සදහා ඉන්දියානු රැපියල් පනස් දහසකි. එය ඒ අවස්ථාවේ තාර භාවිතාකොට ඉදිකල මාර්ගයකට ගිය පිරිවැයෙන් හරි අඩකි. ප්ලාස්ටික් මහාමාර්ග 2012 දී ඉන්දියාව පුරා ඉදිකිරීමට අඩිතාලම වැටුණේ ඔන්න ඔය ආකාරයටය.
මහාචාර්ය රාඡ්ගෝපාල් වාසුදේවන් ගේ මහාමාර්ග නැවත සංවර්ධනය වියදමින් තොර පරිසර හිතකාමී මාර්ගකි. ඉන්දීය රඡය ප්‍රාන්ත 11 ක් පුරා කිලෝමීටර් ලක්ෂයක මහාමාර්ග. 2017 දී ඉදිකලේ මෙම මිනිසාගේ තාක්ෂණයට පින් සිදුවන්නටය. ඔහුගේ ගෝලයේ මෙම තාක්ෂණය භූතානයටද රැගෙන ගියෝය. නයිඡිරියව මෙම අනර්ඝ තාක්ෂනය ඉන්දියාවෙන් ඉල්ලා සිටී. ඓතිහාසික කරැණු කාරනාවලින් ඉන්දියාව හා බොහෝ බැදුණු ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් මෙම තාක්ෂනය ඉල්ලා සිටි බවක් අපි අසා නැත. සමහරවිට එය ශ්‍රී ලාංකික දේශපාලකයාට එතරමි ලොකු දෙයන් නොවනවා විය හැක. කෙසේ වෙතත්. 2017 අවසන් මාසයේදී ඉන්දීය රඡය සිය මහාමාර්ග සංවර්ධනය හා ඉදිකිරීමි කරනු ලබන සියලු සමාගමිවලට හා ආයතනවලට තම මාර්ග ප්ලාස්ටික් යොදා නිර්මාණය කළ යුතුයැයි නීතියක් පැනවීය. අද ප්ලාස්ටික් මහාමාර්ග ඉදිකිරීමේ අංක එකට සිටින්නේ ඉංදියාවේ ටටා සමාගමට අනුබද්ධ ආයතනයකි. මහාචාර්ය රාඡ්ගෝපාල් සැබෑ දේශප්‍රේමියෙකි. ඔහු තමා විසින් බොහෝ කාලය බුද්ධිය හා ශ්‍රමය වෙහසවා සොයාගත් මෙම අනගි තාක්ෂණ ක්‍රමවේදයේ අයිතිය තමා සතු කරගත්තේ නැත. ඒ සදහා ඔහුට ඕනෑවටත් වඩා අයිතිය තිබිණි. එහෙත් හේ මෙම තාක්ෂනයේ පේටන්ටි බලපත්‍රයේ අයිතිය පිරිනැමුවේ තමා ඉගැන්වු මදුරාපුර ත්‍යාගරාඡර් ඉංඡිනේරැ විද්‍යාලයටය. අද මෙම තාක්ෂනය ඔවුහු තව තවත් වර්ධනය කරමින් ප්ලාස්ටික් ද්‍රාවණය ප්ලාස්ටික් ගල් කැබලි බවට දියුණු කර ඇත.
2017 ඉන්දීය රඡය සිය ප්ලාස්ටික් මහාමාර්ග සදහා වෙන්කල මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 11 යි දශම එකකි. එය හරියට කියතොත් මහාචාර්ය වාසුදේවන් තම මවුබිමට ඩොලර් බිලියන 11 යි දශම එකක් ඉතිරි කර දුන්නා වැන්න. මක් නිසාද වාසුදේවන්ගේ තාක්ෂණය මහාමාර්ගයක් තැනීම සදහා වියදමි කරන්නේ කලින් පැවති තාක්ෂනයට ගිය පිරිවැයෙන් හරියටම අඩකි.
ඔහු ප්ලාස්ටික් මිනිසා යනුවෙන් ඉන්දියාව හදුන්වන්නේ ඇයිද යන්න අපි දැන් දනිමු. මේ මහා මිනිසාව ඉන්දියාව ඇගේ ඉහළම සිවිල් සමිමානයක් වන ‘‘ පද්ම ශ්‍රී ‘‘ සමිමානයෙන් 2018 දී පුද දෙනු ලැබුවාය.

සටහන – Upali Jayasinghe

Green Technologies

Brief IP news

1.  Green technologies and renewable energies – Innovating and patenting – 20.11.2018, Oslo. For more information here.

2. Know how to protect your know-how. For more information… 12 more words

DEWA to pilot region's first solar-driven hydrogen facility

The facility, which will be located at DEWA’s outdoor testing facilities at the Mohammed bin Rashid Al Maktoum Solar Park in Dubai, aims to test and showcase an integrated MW-scale plant to produce hydrogen using renewable energy. 8 more words