Tags » Non Religious

3 Reasons Why “Spiritual But Not Religious” Can't Hold Water Unless it Does

What up, Shutter Bugs! Ever hear someone say that they are Spiritual but not religious? It’s sort of the craze for those who don’t like organized religion but don’t think Atheism makes enough sense. 675 more words

Response

So, I skipped church this morning and slept in and sleep is not so bad...and neither is change

In case I haven’t told you before, I suck at sleeping. I really do. I stay up and think and worry and plan and think some more. 493 more words

නිර්ආගමිකත්වය අර්ථදැක්වීම

සෑම ආගමක් තුළම පාහේ සිත, ආත්මය, සාරධර්ම වැනි විවිධ පාරභෞතික හා සදාචාරාත්මක මාතෘකා සම්බන්ධයෙන්ම යම් යම් නිල ඉගැන්වීම් සමුදායක් දක්නට ලැබේ. නමුදු, නිරාගමික හෝ නිර්-ආගමික පුද්ගලයන් අතර සෑම දෙනාම විශ්වාස කරන හෝ අදහන නිල භාෂිතයක් නොමැත. උදාහරණයක් ලෙස, ඇතැම් නිරාගමිකයන් විසින් ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි යනුවෙන් තර්ක කරයි. එමෙන්ම, ගණිකා වෘත්තිය තහනම් කළ යුතුය යන ස්ථාවරය දරන නිරාගමිකයන් ද සිටී. තවද, ඇතැම් නිරාගමිකයින් නිර්මාංශී ආහාර රටාවක් අනුගමනය කරන අතර තවත් නිරාගමික පිරිස් නිර්මාංශී ආහාර රටාවක් ගැන තැකීමක් නොකරයි. ගබ්සාව සම්බන්ධයෙන් ද නිරාගමියින් සෑම දෙනාම එකගවන පොදු ස්ථාවරයක් නොමැත.

එකිනෙකට වෙනස් නානාප්‍රකාර ලොදැක්මන් පිළිගන්නා වූ නිරාගමිකයින් සියලුම දෙනා පොදුවේ එකග වෙන කාරණා කිහිපයක් ඇත. ආගම් අදහන පිරිස් වලින් නිරාගමික පිරිස් වෙන්කර හදුනාගැනීමෙහිලා සාමාන්‍යයෙන් යොදාගැනෙනුයේ මෙකී කාරණා යි. එනම්,

  • දෙවියන් පිළිබද විශ්වාසය බැහැර කිරීම – නිරාගමිකයින් ලෙස අප ඒබ්‍රහමික ආගම් වල ඉගැන්වෙන දේව විශ්වාසය ප්‍රතික්ෂේප කරන්නෙමු. එම නිසා යමෙකුට අවශ්‍ය නම් අපව “අදේවවාදීන්” ලෙස ද හැදින්විය හැකි ය. නමුත්, දේව විශ්වාසය වනාහී හුදෙක් අප විසින් පිළිනොගන්නා විශ්වාසයන් අතුරින් එකක් පමණක් බැවින් අපව හැදින්වීමට “අදේවවාදීන්” යන වචනයට වඩා “නිරාගමිකයින්” යන වචනය වඩා උචිත යැයි සිතමු.

  • පුනර්භවය හෝ පුනුරුප්පත්තිය පිළිබද විශ්වාසය බැහැර කිරීම – අප සියලුදෙනා ජීවත්වනුයේ එක්වරක් පමණක්ය යන්න අපේ පිළිගැනීම යි. පෙරභවයක් ඇතැයි යනුවෙන් පැවසීම සදහා ඉදිරිපත් කර ඇති කුඩා දරුවන්ගේ “මතකයන්” වැනි දෑ මානසික ව්‍යාකූලතා, වංචනික ක්‍රියාවන් වැනි ස්වභාවාත්මක විස්තර කිරීම් වලට ඌනනය කළ හැකිය යන්න අප ස්ථාවරය යි.

  • ඒ හැරුණු කොට අප විසින් යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම්, මැජික් (වේදිකා මැජික් නොවේ), දේවතාවන්, සුරංගනාවන්, සුරංගනාවියන්, දිව්‍යලෝක, අපාය, කර්මය, හොල්මන්, භූතයින්, ප්‍රේතයින්, ජෝතිශ්‍යය, වෘක්තවරුන්, නබිවරුන් වැනි අධිස්වාභාවික දෑ පිළිබද විශ්වාසයින් පිළිගනු නොලැබේ.

මෙහිදී අවධාරණය කළ යුතු කරුණු කිහිපයක් ඇත. එකක් නම්, නිරාගමික පුද්ගලයින් ලෙස අප විශ්වයේ ස්වභාවය හා හැසිරීම තේරුම් ගැනීම උදෙසා විද්‍යාත්මක ක්‍රමය භාවිතය කිරීම අගය කොට සළකනු ලබන නමුත් නිරාගමිකයින් යනු විද්‍යාව “ආගම ලෙස අදහන” පිරිසක් නොවන බවයි. විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රතියථාර්වාදී ස්ථාවරයක් දැරීමට නිරාගමිකත්වය තුළ බධාවක් නොමැත. එමෙන්ම නිරාගමිකයන් යනු භෞතිකවාදීන් නොවේ. බොහෝ නිරාගමිකයින් භෞතිකවාදීන් බව සත්‍ය ය. නමුත්, සියලු නිරාගමික පුද්ගලයින් භෞතිකවාදී ලෝදැක්මක් දරන්නේ නැත. සූරියකාන්ත මල්, ගෙම්බන්, ඉලෙක්ට්‍රෝන, ආලෝකය වැනි “භෞතික දේවල්” හැරුණුකොට සිත්, සංඛ්‍යාවන් වැනි අභෞතික දෑ ද විශ්වය තුළ පවතීය යන ස්ථාවරයේ සිටින නිරාගමිකයෝ ද සිටිති. නමුත්, සෑම නිරාගමික පුද්ගලයෙකුම හොල්මන්, සුරංගනාවන්, දෙවියන්, ප්‍රේතයින් යනාදී දේවල් වල පැවැත්ම පිළිගන්නේ නැත.

එමෙන්ම, නිරාගමිකයින් ලෙස අප විසින් ආගම යනු රජය මගින් පාලනය කළ යුතු හෝ සැළකුම් ලබාදිය යුතු දෙයක් ලෙස සළකනු නොලැබේ. ආගම යනු මිනිසාගේ පෞද්ගලික දෙයක් බැවින් ආගම යන මාතෘකාව රජයට කොහෙත්ම අදාල නැත යන්න අප ස්ථාවරය යි. රජය හා ආගම එකිනෙකින් ස්වාධීන කළ යුතු බව අප කියා සිටින්නෙමු.

Source – Sri Lankan Atheists 

Sri Lankan Atheists

සදාචාරය හා නිරාගමික භීතිකාව

අප සමාජයේ යම් කොටසක් තමන් “නිරාගමිකයි” යැයි ප්‍රසිද්ධියේ පැවසීම නිසා ඇතැම් ආගමිකයින් කලබල වේ. ඔවුන් බොරුවට නොව ඇත්තටම “මේක නම් මහ විනාශයක්” යනුවෙන් කල්පනා කරයි. මේ කුඩා සටහන වනාහී මේ බිය යම් පමණකට අඩු කිරීම උදෙසා ලියැවුණ සටහනකි.

Sri Lankan Atheists

Who Got Religon In My Civil Discourse?

One can look at many comment threads on news posts, blog posts, and even discussions and arguments on Facebook or Twitter and find that often religion gets directly brought up into the debate. 830 more words

Faith