Tags » Sinhala Applied Poetry

හෙටත් මේ අදම ද


 

වයසට උඩින් පැන

වේගයෙන් දිව යන

බලෙන් යල් පැන

කරුමයකි ජීවිත රූ කය

 

වෙහෙසට පත්ව හිත

නොලද දේ ගැන හිත

ඇස් වසා ගන්නට

බල කරයි ලොව දුගියට

 

විය ගසක බැඳ

ඇදගෙන යාවි අද

හෙට කියා දවසක්

ඊයේ ද තිබුණා

එය අදය

හෙටත් මේ අදම ද

මේ අධම ලෝකය

 

ධර්මයෙන් ගොතන

යුක්තියෙන් වසන

කළු සළු බඳින ඇස්

කර්මයෙහි සිර කර

කරබා ගන්ට ඉඩ හැර

අඳුරින් ජීවිත බෙදයි

 

ඇත්තාට ඇති වෙන්ට

නැත්තාට නැති වෙන්ට

ගැත්තාට සැනසෙන්ට

ඊයේ අද වඩා වැඩි හෙට

 

පරතරය ලියලන්ට

සුළුතරය රජ වෙන්ට

බහුතරය කැප වෙන්ට

සාධු කාරය දෙන්ට

 

 

උදය ආර්. තෙන්නකෝන්

සිංහල කවි- Sinhala Poetry

සිංහල රටෙහි අම්මා

වැල්වටි තුරෙන් පැහැරගත්

තම්බිරජු ඇගේ පුතුවෙත්

කාගේ පිහිට නොම දත්

අම්මා කෙනෙකි ඇති බර හිත්

පොලිසි හමුදා නේවි බුදු මහත්තුරු

නේවිද පුතා ඇහැව්වත් නිරතුරු

සිනහවට වියරුව මිසක නැත තොරතුරු

සිංහල කවි- Sinhala Poetry

ව්‍යවහාරික හයිකු- ගබ්සාව හා වඳ බිරිය

ජීවන මහ බර
දිවියට අඩුකර
සිහිනයට ඉඩහැර
බිරිඳ පෙම්බර

උදය ආර්. තෙන්නකෝන්

Udaya R. Tennakoon

ව්‍යවහාරික කවි- මැයි හයිකු- අංක 6

එක දෙක

ලකුණු රැස් කළත්

දැවී නොයන

රතු

ක්‍රීඩකයා

උදය ආර්. තෙන්නකෝන්

Udaya R. Tennakoon

ව්‍යවහාරික කවි- මැයි හයිකු- අංක 5

මනස මැරුණ

කටෙන් පඩ අරින

ටකරන් මුදලාලී

උදය ආර්. තෙන්නකෝන්

Udaya R. Tennakoon

ව්‍යවහාරික කවි- මැයි හයිකු- අංක 4

 

කථික තරඟයකි

රට

මහන්සි වෙන

පොඩි ළමයා

උදය ආර්. තෙන්නකෝන්

Udaya R. Tennakoon

ව්‍යවහාරික කවි- මැයි හයිකු- අංක 3


රෙද්දේ රෙවුණු

රැවුල දත් මිටි කන

රතු වැද්දා

උදය ආර්. තෙන්නකෝන්

Udaya R. Tennakoon