Tags » Sri Lanka

The Language tussle over the national anthem

The Story behind the Sri Lankan National Anthem

A nation without a National Anthem

[1]Under the British Boot, Sri Lankans had no option but to adapt the British National Anthem, “God Save the King/Queen”. 2,965 more words

Sri Lanka

Pinnawala Elephant Orphanage

Having been to Sri Lanka as a young child all I recalled about it was a dancing elephant and a highly talkative cockatoo. So when I got the chance to revisit it again as an adult with one of my closest friends it was only natural that the… 222 more words

Adventure

Udawalawe National Park

Met spijt in het hart moeten we deze morgen het prachtige Melheim Resort verlaten. Nadat we genoten hebben van een uitgebreid ontbijt en een laatste keer het oneindige panorama vanop het terras aanschouwd hebben, vertrekken we. 232 more words

Sri Lanka

‘කිසිම රටකට ලංකාව ගසා කන්න දෙන්නේ නෑ‘ - චන්ද්‍රිකා

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනපතිනිය ඩුබායිහි ජගත් අධ්‍යාපන හා කුසලතා සංවර්ධන සමුළුවට සහභාගි වෙමින් සිටියදී ඉන්දියාවේ ඩිජිටල් පුවත් ඒජන්සිය සමග (ඩී.එන්.ඒ) සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීය. ඉන්දීය ඩීඑන්ඒ පුවත් සේවයේ කාංචන් ශ්‍රිවස්තාවා එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වීය.

ප්‍රශ්නය- වීසා, රේගු හා තරුණ සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා ගමනේදී අත්සන් කළ ගිවිසුම්වලින් ඉන්දු – ලංකා සබඳතාවල වෙනසක් ඇතිවේයැයි ඔබ සිතනවාද?

යහපාලනයක් ඇති කිරීමේ උත්සාහයේදී ඉන්දියාව අප සමග යැයි යන හැඟීම පිළිබඳව නරේන්ද්‍ර මෝදිගේ ලංකා ගමනින් අපට ශක්තිමත් පණිවිඩයක් ලැබුණා.

ප්‍රශ්නය – නමුත් ‘වෙඩි තැබීමේ අයිතිය‘ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයෙන් වෙනත් පිවිසුමක දෝංකාරයක් ඇති කරනවා නේද?

ඔහු කළේ විහිළුවක්. ඔහු කීදේ හරියට තේරුම් ගත්තේ නැහැ. මාධ්‍යවේදීන් ප්‍රශ්න අසමින් දිගටම ඔහුට හිරිහැර කළා. මගේ නිවසට අනවසරයෙන් අනවශ්‍ය පුද්ගලයකු ආවොත් ඔහු අනවසරයෙන් එහි ඇතුළුවූ පුද්ගලයකු බව සලකා වෙඩි තැබීමේ අයිතිය ඇති බවයි ඔහු කියා ඇත්තේ.

ප්‍රශ්නය – දීර්ඝ කාලයක් තිස්සේ පවතින දෙරට ධීවර අර්බුදය විසඳා ගන්නට බැරි හේතුව කුමක්ද?

ඉන්දියා ධීවරයන් නීති විරෝධී ධීවර ක්‍රම අනුගමනය කරනවා. මසුන් මැරීමට ඩයිනමයිට් දමනවා. එය පිළිගත නොහැකි දෙයක්. එමගින් අපේ පැත්තේ සමුද්‍ර ජීවීන් වැනසෙනවා. එය ශ්‍රී ලංකා ධීවරයාට දරාගත නොහැකි දෙයක්. මා දන්නේ නැහැ ඒ ක්‍රමයට ඉන්දියාව අවසරය දෙනවාද කියා. ශ්‍රී ලංකාව නම් එය තහනම් කරලයි තිබෙන්නේ.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවී යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව දෙවරක් ඡන්දය දුන්නා. ශ්‍රී ලංකාවේ නව රජය ඉන්දියාවේ ඒ ස්ථාවරය දකින්නේ කෙසේද

බොහෝ රටවල් අපට විරුද්ධව ඡන්දය දුන්නා. ඊට සාධාරණ හේතුවකුත් තිබුණා. දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් පුවත්පත් නිදහස හා සිංහලයන්ගේ මානව අයිතිවාසිකම් ගැන පසුගිය රජය දඩබ්බර විදියටයි ක්‍රියා කළේ. ඒ රටවල් දැන් නව රජය සමග නම්‍යශීලී ලෙස ක්‍රියා කරනවා. ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව හය මාසයකින් කල් දැමුවා. අන්තර්ජාතික ප්‍රජාවේ සහායෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීමට අපට ඉඩ කඩ ලැබෙනවා. චීනය සමග ශ්‍රී ලංකාවේ වර්ධනයවන සමීපතාවය ඉන්දියාවේ කනස්සල්ලට හේතුවක්.

ප්‍රශ්නය – සිරිසේන රජය විදේශ ප්‍රතිපත්තිය වෙනසක් කරයිද?

සියලු ආයෝජන යෝජනා ක්‍රම සියල්ලම හිටපු රාජපක්ෂ රජයෙන් චීනයට දුන්නා. අපේ ආණ්ඩුව පක්ෂ දෙකක හවුලක්. අප විශ්වාස කරන්නේ නොබැඳුණු පිළිවෙතයි. අසල්වැසියන් සමග ක්‍රියාකාරී ලෙස කටයුතු කිරීමයි. කොපමණ මිත්‍ර වුවත් කිසිම රටකට අප ගසා කෑමට ඉඩදෙන්නේ නෑ.

ප්‍රශ්නය – සාමාන්‍ය ශ්‍රී ලාංකිකයා ඉන්දියාව ගැන සිතන්නේ කොහොමද?

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සබඳතාවලට වසර 3000 ක අතීතයක් තිබෙනවා. අපේ රටේ බොහෝ දෙනා ඉන්දියාවට ලැදියි. ගෞරවයකුත් තිබෙනවා. ඒ වගේම බියකුත් තිබෙනවා. අතීතයේදී දකුණු ඉන්දියා රජවරු 52වාරයක් ශ්‍රී ලංකාව ආක්‍රමණය කර තිබෙනවා. ආක්‍රමණිකයන් අපේ වාරි මාර්ග ක්‍රම වනසා දැමුවා. එයින් හැමතැනම ගංවතුර ඇතිවුණා. ඉන්දියානුවන් ශ්‍රී ලාංකිකයන්ට අකමැති බව අපේ මිනිසුන් දුටුවා. මෑතක් වනතුරුම ඒ මතය තිබුණා. ඒ හැඟීම් තිබුණා. ඉන්දිරා ගාන්ධි බොහොම අඥාන ලෙස ක්‍රියා කළා.ඇගෙන් පසුව බලයට පත් ඉන්දියාවේ හැම රජයක්ම සබඳතා සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට උත්සාහ කළා.

Sri Lanka

මෛත්‍රී ගැන ලියවුන TIMES සගරාවේ පලවුන ARTICLE එක

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිගේ මෝටර් රිය පෙළ මාර්ගයේ රතු සංඥාවක් දුටු විට දැන් සිදු වන්නේ මීට මාස කීපයකට පෙර කිසිසේත් දැකිය නොහැකි වූ දසුනකි. රිය පෙළ නවතා කොළ සංඥාව ලැබෙන තුරු බලා සිටී. අලූත් අත්දැකීම එපමණක් ද නොවේ. ඉස්සර මෙය වාහන 16 ක් හෝ ඊට වැඩි ගණනක් වෙනුවට දැන් ජනාධිපති රිය පෙළට ඇත්තේ වාහන දෙක තුනක් සහ මෝටර් බයිසිකල් දෙකක් පමණි. එදා මාර්ග සංඥා නොතකා ගමන් කළ එවකට ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ රිය පෙළට බලාපොරොත්තු රහිත ලෙස රතු එළිය වැටුණේ ගිය ජනවාරි 8 වැනිදාය.

අවුරුදු 9 ක් එක දිගට මෙම දිවයින පාලනය කළ 69 හැවිරිදි රාජපක්‍ෂට පරාජයක් හිමිවන බව මැතිවරණ දා උදෑසන සිටම දක්නට ලැබිණි. දශක තුනක් සිවිල් යුද්ධයේ යෙදී සිටි දෙමළ සුළුතරයට අයත් බෙදුම්වාදීන් 2009 දී ඔහු පරාජය කළේය. එක්සත් ජාතීන්ගේ සමහර වාර්තා සඳහන් කරන පරිදි යුද්ධයේදී මිය ගිය දෙමළ වැසියන්ගේ සංඛ්‍යාව 40,000 ද විය හැකියි. වසරකට පසුව රාජපක්‍ෂ සිංහල බෞද්ධ බහුතරයේ  සහායෙන් දෙවැනි වරට ද තේරී පත්විය. යුද්ධයේ අවසන් කාල සීමාවේ සිදුවී යයි කියන මානව හිමිකම් කඩකිරීම් ගැන සොයා බැලීමට කළ ඉල්ලීම ගැන කිසි සැලකිල්ලක් නොදැක්වූ රාජපක්‍ෂ, පාලනය ගෙන ගියේ සිය පවුලේ සාමාජිකයින්ට පාලන තන්ත‍්‍රයේ අණසක පැතිරවීමට ඉඩකඩ සලසමිනි. ජනාධිපතිගේ සහෝදරයෙක් ජාතික ආරක්‍ෂාව භාරව සිටියේය. තවකෙක් ආර්ථික සංවර්ධනය භාරව සිටියේය. තෙවැනි සහෝදරයා පාර්ලිමේන්තුවේ කථානායක විය. පාලනයට විරුද්ධ මත ධාරීන් රාජපක්ෂ විසින් නිහඬ කළේය. රජය විවේචනය කළ මාධ්‍යාවේදීන් සහ දේශපාලන ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සහ හිරිහැර කිරීම් පමණක් නොව නොම්මර තහඩු රහිත සුදු වෑන් වලින් පැහැර ගැනීම් ද සිදු විය. සමහරු අතුරුදන් වූහ. (කෙසේ වුවද රාජපක්‍ෂ රජය මේ සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරයි)

එහෙත්  උඩු රැවුලක් සහිත මෙම ශක්තිමත් නායකයාට බලය බලාපොරොත්තු රහිත ලෙස අහිමි විය. ශ‍්‍රී ලංකාව එක් පවුලකට බලය හිමි ඒකාධිකාරී පාලනයක් වෙතට ගෙන යමින් සිටි එම නායකයා පරාජය කරමින් නව ජනාධිපති ලෙස කලින් බොහෝ දෙනා නොදැන සිටි, රාජපක්‍ෂ රජයේම හිටපු ඇමතිවරයකු වූ 63 හැවිරිදි මෛත‍්‍රීපාල සිරිසේන ඡන්ද දායකයා විසින් තෝරා ගැනිණි. ඡන්ද ප‍්‍රතිඵලය ගැන සිරිසේන ද පුදුමයට පත්විය. ‘‘ඡන්දයෙන් ජය ගත් නමුත් දින කීපයක් යනතුරු මා ජනාධිපති බව මටත් දැනුනේ නැහැ’’ ජනාධිපති සිරිසේන ජාත්‍යන්තර සඟරාවකට දුන් සිය ප‍්‍රථම සම්මුඛ සාකච්ඡාවේදී ‘ටයිම්’ සඟරාවට පැවසුවේ සිනා මුසු මුහුණිනි. ‘‘ඒ වාගේම රාජපක්‍ෂ පවුල ද සිතන්නට ඇති මොකක්ද මේ වුණේ කියා.’’

රාජපක්‍ෂගේ අති විශාල රිය පෙරහැර පමණක් නොව තවත් කටයුතු ගැන දැන් හෙළිදරව් වී ඇත. ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ 5000 කට අසුන් ගත හැකි සුඛෝපභෝගී භෝජනාගාරයක් ඉදි කර තිබුණේ ස්විඡයක් තද කිරීමෙන් වර්ණ වෙනස් කළ හැකි සුවිශාල සිවිලින් පහන් ආදී නවීන අංගෝපාංග ද සහිතවයි. දැන් එම සංකීර්ණය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාලය බවට පත්ව ඇත. ජනපති සිරිසේන තවමත් පදිංචි වී සිටින්නේ රාජපක්‍ෂ රජයේ සෞඛ්‍ය ඇමති ලෙස නැවතී සිටි නිවසේමය.

සිරිසේනගේ සහායකයන් පවසන පරිදි ඔහුගේ පිළිවෙත පෙනුමට පමණක් සීමාවූවක් නොවේ. ජනාධිපති විධායක බලතල අඩු කිරීමට පමණක් නොව ජනාධිපති ධුර කාලය  අඩු කිරීමට මෙන්ම අගමැති නායකත්වයෙන් යුත් පාර්ලිමේන්තුවට විධායක බලතල පැවරීමට ද ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමටද ඔහු සහාය දෙයි. රාජපක්‍ෂ පාලනය යටතේ බලය එක් පවුලකට සීමා වූ බව සිරිසේන ටයිම් සඟරාවට පැවසීය. ‘‘එලෙස අනාගතයේදී කවදාවත් එක් පවුලකට බලය හිමි කර ගැනීමට ඉඩක් නොලැබෙන ලෙස අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනවා.’’

චීනයේ ප‍්‍රතික‍්‍රියාව

ශ‍්‍රී ලංකාව දියුණුවන ලෝකයේ පැරණිම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටකි. 1948 දී බි‍්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු දිගටම සම්ප‍්‍රදායික ලෙස මහ මැතිවරණ පැවැත්වේ. දීර්ඝ කාලීන ගැටුමකට පසු දැන් රටට අතීතයේ තිබූ නිදහස යළි ඇති කිරීමට සරල පාලන තන්ත‍්‍රයකුත් අවශ්‍යය. එහෙත් සිරිසේන අනපේක්‍ෂිත ලෙස බලයට පත්වීමේ දෝංකාරය රටින් පිටතට ද දැනුණි. කැමැති වුවද නොවූවද මෙම දිවයින බලවතුන්ගේ භූගෝලීය දේශපාලන සෙල්ලමේ කොටස්කරුවෙකි.

කොළඹ නගරයේ වෙරළාසන්න තේජාන්විත යටත් විජිත පාලනයේ ගොඩනැගිල්ලක පළමු මහළේ සුවිසල් කාර්යාලයේ සිට ජනාධිපති සිරිසේන සිය පාලන කටයුතු ගෙන යයි. මෙම ගොඩනැගිල්ල ඉදිරිපස ඇත්තේ ගල් සහ වැලි අතුරා මුහුද ගොඩ කරමින් ඉදි කෙරෙන ඩොලර් කෝටි 140 ක (රුපියල් කෝටි 18,514.28) කොළඹ සුවිසල් වරාය නගර ව්‍යාපෘති ප‍්‍රදේශයයි. සුවිශාල හෝටල්, නිවාස, වෙළෙඳ සංකීර්ණ ආදිය ගොඩ නැඟීමේ මෙම යෝධ යෝජනා ක‍්‍රමය දැන් තාවකාලිකව නවතා ඇත්තේ එයට අනුමැතිය දුන් විවිධ බලපත‍්‍ර යළි පරීක්‍ෂා කර බැලීම සඳහා ය. චීනයේ සුවිශාල ණය ආධාර මත රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයේදී ඇරඹුණු යොජනා ක‍්‍රම ගණනාවක් අතුරෙන් ප‍්‍රමුඛත්වය ගන්නේ පසුගිය සැප්තැම්බරයේ චීන ජනාධිපති ෂී ජින්පින් විසින් මුල්ගල් තබන ලද මෙම කොළඹ වරාය නගර යෝජනා ක‍්‍රමයයි.

ජනාධිපති ෂී ගේ සංචාරය ශ‍්‍රී ලංකාවට ක‍්‍රමෝපාය වැදගත් කමකින් යුක්තය. දෙකෝටියක ජනගහනයකට සීමා වූ කුඩා රටක් වුවද ශ‍්‍රී ලංකාව භූගෝලීය වශයෙන් පිහිටා ඇත්තේ ඉන්දියාවට දකුණෙන් වූ ඉන්දියාව, චීනය සහ එක්සත් ජනපදය සිය බලපෑම් තරකර ගැනීමට දැඩි උනන්දුවක් දක්වන ඉන්දියා සාගර කලාපයේය. මානව හිමිකම් කඩවීම් චෝදනා මත බටහිර ජාතීන්ගෙන් දුරස් වූ රාජපක්‍ෂ රජය කිට්ටු වූයේ චීනය දෙසට ය. චීනයෙන් ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් ණය ආධාර ලබා ගැනීමට අමරතව පසුගිය වසරේ දෙවරක්ම චීන යුද සබ්මැරීන් යානාවලට කොළඹ වරායට ඇතු`ඵවීමට ඉඩදීම ඉන්දියාවේ කණස්සල්ලට හේතු විය. ශ‍්‍රී ලංකාවේ හිටපු ඇමරිකා තානාපතිවරිය වූ දැන් වොෂින්ටන්හි ‘බ්රූකිංස්’ බුද්ධි මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක වන ටෙරසිටා ෂේෆර් පැවසුවේ රාජපක්‍ෂ චීනය සමග සිය සබඳතා ගැන ඉහළින් කතා කරන බවය. ඇය එම පිළිවෙත හැඳින්වූයේ සිදුවී යැයි කියන යුද අපරාධ ගැන බලපෑම් කරන බටහිර රටවල් නිගරුවටත් සමච්චලයටත් ලක් කිරීමක් ලෙසය.

2009 හමුදා ජයග‍්‍රහණයට පසු ශ‍්‍රී ලංකාවේ විදේශ ප‍්‍රතිපත්තිය නිසි දිසාවකින් තොර වී යයි සිරිසේන සිය මැතිවරණ ප‍්‍රකාශනයේ සඳහන් කළ බැවින් නව රජයේ බල කේන්‍ද්‍රය වෙනස් වන බවක් පෙනිණි. එහෙත් එය චීනයෙන් ඈත්වීමක් ලෙස විස්තර කළ නොහැකි යැයි අගමැති වික‍්‍රමසිංහ ටයිම් සඟරාවට පැවසීය. සත්‍යය නම් ගිය රජය චීනය පමණක් ඉතිරිකර අනෙක් රටවලින් ඈත්වීමය. අප බටහිර තරහ කර ගත්තා ඉන්දියාව ද තරහ කරගත්තා. එය දිගටම කළ හැකි දෙයක් නොවේ. ශ‍්‍රී ලංකාවට චීනය පමණක් නොව බටහිරත් අවශ්‍යයි. එමෙන්ම ඉන්දියාවත් අවශ්‍යයි.’’

සිරිසේන ජනවාරි ජයග‍්‍රහණයට පසු ප‍්‍රථම චාරිකාව සඳහා ඉන්දියාව තෝරා ගැනීමෙන් අනතුරුව ඉන්දියා ඇගමැති නරේන්‍ද්‍ර මෝදි ද ශ‍්‍රී ලංකාවේ චාරිකා කෙළේය. එමෙන්ම චීනයේ චාරිකා කරමින් බීජිං නුවර උත්තරීතර මහජන ශාලාවේදී සුවිශේෂ පිළිගැනීමකට ලක්විය. එහෙත් කොළඹ සහ බීජිං අතර සබඳතා ශක්තිය පැහැදිලි වන්නේ දැනට අත්හිටුවා ඇති කොළඹ වරාය නගර යෝජනා ක‍්‍රමයේ අනාගතය ගැන ගන්නා තීන්දුව මතය. සිරිසේන පැවසුවේ සිය රජය සියලූම විදේශික අරමුදල් ලැබූ යෝජනා ක‍්‍රම මෙන්ම දේශීය යෝජනා ක‍්‍රම ගැන ද යළි පරීක්‍ෂා කිරීමට තීරණය කළ බවයි. ඒවායේ විවිධ අක‍්‍රමිකතා සහ අල්ලස්  දූෂණ පිළිබඳ චෝදනා තිබෙන බැවින් එසේ පරීක්‍ෂා කරනවා. ‘‘අපි කිසිවකුට පසමිතුරු වන්නේ නැහැ. අපි සියලූම රටවලට මිත‍්‍රත්වයේ සුරත දිගු කරන්නෙමු’’ ජනාධිපති සිරිසේන ටයිම් සඟරාවට පැවසීය.

අසාමාන්‍ය නායකයෙක්

සිරිසේනගේ දේශපාලන චරිතයේ පෙරළිකාරී ලක්‍ෂණයක් පෙනෙන්නට නැත. රාජපක්‍ෂ මෙන්ම සිරිසේන ද සිංහල බෞද්ධ බහුතරයට අයත් වෙයි. පාසල් වියේ පටන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ තරුණ පෙරමුණේ සාමාජිකත්වය ලබා දේශපාලන දිවිය ඇරඹූ චරිතයකි. 1970 දශකය මුලදී වාමාංශික රාජ්‍ය විරෝධී අසාර්ථක විප්ලවයට සම්බන්ධ යැයි චෝදනා ලබා මාස 15 ක් සිරබත්ද කෑවේය. රජයේ පාලන තන්ත‍්‍රයේ ග‍්‍රාමීය මට්ටමේ තමා දැරූ තනතුරෙන් ඉල්ලා අස්වී පූර්ණ කාලීන දේශපානඥයෙකු වූ සිරිසේන 1989 දී පාර්ලිමේන්තුවට මුල් වරට තේරී පත්විය. ඉන්පසු පක්‍ෂයේ නිලතල කීපයක් දැරූ ඔහු පසුව අමාත්‍යංශ කීපයක ද තනතුරු දැරීය. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ කෘෂිකාර්මික පරිසරයක දිවි ගෙවූ සිරිසේනගේ දේශපාලන දිවියේ ප`ඵදු දක්නට නොලැබුණු අතර, පිරිසිදු චරිතයක් ලෙස ඇතිකරගත් ප‍්‍රතිරූපය රාජපක්‍ෂ පාලන තන්ත‍්‍රයෙන් නොවැම්බර් මාසයේදී ඉවත් වූ අවස්ථාවේදී ඔහුට බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය. ජාත්‍යන්තර අර්බුද විමර්ශන කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයකු වන ඇලන් කීනන් පැවසුවේ සුඛෝපභෝගී පහසුකම්වලට ළැදි සුවිශාල දූෂණ චෝදනා එල්ලවූ රාජපක්‍ෂ පවුලේ පාරම්පරික පාලන ප‍්‍රතිරූපය ඉදිරියේ සිරිසේනගේ ප‍්‍රතිරූපය හාත්පසින්ම වෙනස් බවයි.

මහජන සබඳතා අතින් සිරිසේන ජාත්‍යන්තර තලයේ සටනින් ද පහසු ජයක් ලැබීය. දෙමළ විමුක්ති කොටි සංවිධානය සමග පැවති යුද්ධයේ අවසන් සමයේ සිදුවී යයි කියන මානව හිමිකම් චෝදනා ගැන ස්වාධීන පරීක්‍ෂණයක් කිරීමට එක්සත් ජාතීන්ට ඉඩ දිය යුතු යැයි ජාත්‍යන්තරයෙන් එල්ල වූ බලපෑම්වලට රාජපක්‍ෂ අවනත නොවීය. (කෲරත්වය ගැන කොටි සංවිධානය ද නම්දරා සිටි අතර, මරාගෙන මැරෙන බෝම්බකරුවන් පාවිච්චිය ආරම්භ කළේද එම සංවිධානයයි) සිරිසේන සිය මැතිවරණ ව්‍යාපාරයේදී පොරොන්දු වූයේ දේශීය යාන්ත‍්‍රනයක් පිහිටවන බවටය. එම යාන්ත‍්‍රනය ජූනි මස අවසානය වනවිට පිහිටවන බව ජනාධිපති ටයිම් සඟරාවට පැවසීය. සිරිසේනට ඒ සඳහා කාලය දීමට එක්සත් ජාතීන් ද මානව හිමිකම් වාර්තාව මේ වසරේ සැප්තැම්බර් මාසය දක්වා කල් දැමීමට තීරණය කර ඇත. එමෙන්ම නව රජය දෙමළ බහුතරය සහිත උතුරු ප‍්‍රාන්තයේ හමුදා ආණුඩුකාරවරයා වෙනුවට සිවිල් ආණ්ඩුකාරවරයකු පත් කළේය. එමෙන්ම දකුණු අප‍්‍රිකාවේ මෙන් සත්‍යය සහ සංහිඳියා කොමිසමක් පත් කිරීමට ද පියවර ගැනීමට නියමිතය.

එහෙත් පළමුව සිරිසේනගේ දේශපාලන ආධාරකරුවන් මහා මැතිවරණයකින් ජය ගත යුතුව ඇත. මැයි මස පාර්ලිමේන්තුව විසිරුවා හැර ජූනි අගදී හෝ ජූලි මස මුලදී මහ මැතිවරණයක් පවත්වන බව සිරිසේන ටයිම් සඟරාවට පැවසීය. එහිදී පාර්ලිමේන්තු අසුනකට තරඟ කර රාජපක්‍ෂ ද යළි දේශපාලන වේදිකාවය ඇතුළු වීමට ඉඩ තිබේ. විකල්ප ප‍්‍රතිපත්ති කේන්‍ද්‍රයේ විධායක අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවණමුත්තු පැවසුවේ රාජපක්‍ෂ සිරිසේන රජයට නිරන්තර තර්ජනයක් හා අනතුරක් බවයි. තංගල්ලේ නිවසේදී රාජපක්‍ෂ ටයිම් සඟරාවට පැවසුවේ තමා අවලංගු කාසියක් නොවන බවයි. තමා වැඩකට නැති මිනිසකු කිරීමට ගන්නා වෑයම හරිනොයන බවය. ඕනෑවට වඩා විශ්වාසය තබා ගැනීමත් හොඳ දෙයක් නොවේ.’’ රාජපක්‍ෂ පැවසීය. අයථා පාලනය, පවුල්වාදය ආදී චෝදනා මෙන්ම ජනවාරි මස මැතිවරණයට පසු බලෙන් පාලනයේ සිටීමට කුමන්ත‍්‍රණය කළේය යන චෝදනාව ද ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය. නව රජය උත්සාහ කරන්නේ තමන්ට මඩ ගැසීමට යැයි රාජපක්‍ෂ ටයිම් ස`ගාවට කිය.

දැනට සිරිසේන හොඳින් වැඩකරගෙන යයි. ඔහු දැන් සිය දින සියයේ ප‍්‍රථම අදියර අවසන් කිරීමට ආසන්නව සිටී. විවේචකයින් වෙත වඩාත් සංයමයෙන් හා ඉවසීමෙන් ජනපති සිරිසේන ක්‍රියාකරතියි කොළඹ මාධ්‍යවේදීහු සහ දේශපාලන ක‍්‍රියාකාරීහු පවසති. ‘‘මම දැන් ඉස්සර වාගේ බය නැහැ’’ පසුගිය වසරේදී දෙමළ දේශපාලන ක‍්‍රියාකාරිකයෙකුගේ අතුරුදන්වීම පිළිබඳ විරෝධය පළ කිරීම නිසා සිර භාරයේ සිටි මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙකු වන රුකී ප‍්‍රනාන්දු පැවසීය. ‘‘රාජ්‍ය මාධ්‍යයේ කලින් දේශද්‍රෝහීන් ලෙස හැඳින්වූවන් දැන් රූපවාහිනී සාකච්ඡාවලට සහභාගි වෙනවා’’ ඔහු කීය.

ජනාධිපති සිරිසේන පැවසුවේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පදනම යළි සවිමත් කිරීමට අවශ්‍ය බවයි. ‘‘මා බලයට පත්වූයේ බලය සවිමත් කිරීම සඳහා නොවේ. මගේ අතේ තිබෙන බලය අනෙක් අංශවලට පැවරීමටයි.’’ ජනාධිපති පැවසීය. ‘‘බලය කේන්‍ද්‍රගත වීම රටට විශාල ප‍්‍රශ්නයක් වුණා. ඇත්තෙන්ම බලය බෙදා හැරිය යුතුයි.’’ මාසයකට පෙර සම්පූර්ණ ඒකාධිකාරී පාලන තන්ත‍්‍රයක් දෙසට තල්ලූවෙමින් පැවති රටකට මෙය පූර්ණ අපේක්‍ෂාව පිළිබඳ මෙය පණිවුඩයකි. බලාපොරොත්තුවකි. හැමදෙයකටම වඩා මහා හඬින් නද දෙන සීනුවකි.

Sri Lanka