Tags » Theatre

Beyond Representation

Beyond Representation

Throughout history, it has been the fashion of the performing arts to represent things. Through a minimum or maximum of necessary brush strokes, an artist seeks to convey the nature of a thing through signifiers which their audience will recognize. 327 more words

Articles

අධ්‍යාපනය වෙළඳපොළකරණයට එරෙහි වීම නිසා පමණක් වියහැකි

2000 වර්ෂයට ප්‍රථම සාමාන්‍යයෙන් ‘සාජන් නල්ලතම්බි’ නාට්‍ය ආකෘතියෙන් තොර නාට්‍ය නිෂ්පාදනයක් දර්ශන වාර 50 ක් පසුකිරීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. අද දවස වන විට දර්ශන වාර 50 ක් පසු කර යෑම නාට්‍ය නිෂ්පාදනයක් ලබාගන්නා සුවිශේෂී ජයග්‍රහණයකි. අවසන් වසර කිහිපය තුළ රාජ්‍ය නාට්‍ය උළෙල් විශිෂ්ටතම නාට්‍ය බවට පත් වූ නිෂ්පාදන සියල්ලට මෙම තත්ත්වයට පත් වීමට ඉතා අසීරු විය. ඉතා ම නිවැරදිව එම සංඛ්‍යාලේඛන දැක්විය නොහැකි වුවත් දළ වශෙයන් පැහැදිලිව තත්ත්වය මේ ආකාරය බව අප ‍හොඳින් දන්නා දෙයකි.

දැන් අපට මෙහි දී ගැටලු කිහිපයක් මතු වෙයි. එනම් නාට්‍ය නිෂ්පාදනයක් අනිවාර්යෙන්ම සැළකිය යුතු දර්ශන වාර ගණනක් රංග ගත විය යුතුද? ඒවා ගම්පළාත්වලට ගෙන යාම අනිවාර්යයද? එක් දර්ශනවාරයකින් අවසන් වන නාට්‍ය නිර්මාණ තිබිය නොහැකිද? නාට්‍ය කලාව යනු ජංගම නාට්‍ය කලාවක් ද? නාට්‍ය කලාව යනු ප්‍රොසීනියම් රංග ආකෘතියේ නාට්‍ය පමණක්ද? අප මෙම ප්‍රශ්න කිසිවිටෙක වරනොනගන්නේ නාට්‍ය කලාව යනු ‘දුවන නාට්‍ය’ කලාවක් ය යන අදහස මුල්බැස ගෙන පවතින නිසාවෙනි.

නාට්‍යයක් දුවන්නට අවශ්‍ය වන්නේ ඇයි? එය වරනැගෙන්නේ කුමන අර්ථයකින්ද? මෙය විවිධ සංකීර්ණතා තුළ පවතින්නකි. ඒවා බොහෝ විට ඌනනය වන්නේ යහපත් ආර්ථික තත්ත්වයක් හා ජනප්‍රියත්වයක් ලබා ගැනීම සඳහා ය. නමුත් ඒ තුළ තම නිර්මාණය වැඩි ප්‍රේක්ෂක පිරිසකට මුණ ගැස්සවීමේ අවංක අහිංසක බලාපොරොත්තුවක් නාට්‍යකරුවන් තුළ පවතින බව ද අමතක නොකළ යුතුය. එම අර්ථයෙන් අප ඉහත මතභේදය තුඩු දෙන ප්‍රශ්න මොහොතකට අමතක කරමු. නිහාල් සිල්වාගේ ආගමනය ප්‍රථම බොහෝ විට නාට්‍ය කලාව ලාබ අපේක්ෂාවන් කළ දෙයක් ලෙස පෙනී සිටියේ නැත. නමුත් පසු නිහාල් සිල්වාගෙන් ලබාගත් ආභාෂයෙන් නාට්‍ය කලාවට විකට රැල්ලක් පැමිණ එය ලාබ ඉපයිය හැකි වෙළඳ පළ විභවයක් පවතින කලා මාඳිලියක් ලෙස භාවිතා කරන්නට විය. නමුත් ඊට සමගාමීව එම කාණ්ඩයට අයත් නොවන නාට්‍ය ද එකල බොහෝ සෙයින් රංග ගත විය.

එසේ නම් අද දවසේ මෙලෙස නාට්‍ය නොදුවන්නට හේතු මොනවාද? මූලික වශයෙන් අප මුලින් සඳහන් කළ දර්ශන 50 හේ ජයග්‍රහණයක් ලෙස පෙනෙන්නට සළස්වන මොහොත වෙත යාමට අවශ්‍ය වටපිටාව නිර්මාණ වන්නේ මූලික වශෙයන් සුනාමි ව්‍යසනය, රූපවාහිනී ටෙලි නාට්‍ය ජනප්‍රිය වීම, තාක්ෂණික සන්නිවේදන ක්‍රමයන්ගේ ආගමනය, රාත්‍රී බස් සේවයක් නොමැති වීම…. ආදී කරුණු සෑහෙන ප්‍රමාණයක් පෙළ ගැස්විය හැකිය. කෙසේ වුවද අවසාන අර්ථයෙන් එම තත්ත්වය ජයගන්නට නාට්‍යකරුවන් අපොහොසත් වී ඇත.

සෑම වසරකම පවත්වන සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ‘ඇකඩමික් තෙස්පියන්’ නාට්‍ය උළෙල යනු   මෙවන් වටපිටාවක වේදිකා නාට්‍ය කලාවේ මානයන් අධ්‍යනය කරන්නට සහ සමතික්‍රමණය කරන්නට ගන්නා උත්සාහයකි. රාජ්‍යය විශ්ව විද්‍යාලයක සාපේක්ෂ සුරක්ෂිත බව යනු මෙවැනි යුගයක වේදිකාව වැනි අවකාශයක් ඉතුරු වීමේ එක ප්‍රායෝගික කොන්දේසියකි. අධ්‍යාපනය වෙළඳපොලකරණය වීමට විරුද්ධ වීමේ සංයුක්ත අර්ථය වන්නේ වෙළඳපොල විසින් අභියෝගයට ලක් කරන මෙවන් වටිනාකම් වල පැවැත්ම වෙනුවෙන් ආරක්‍ෂිත දැලක් නිර්මාණය කිරීමයි. නමුත් එම සුරක්ෂිතබවෙන් සැබෑ ප්‍රතිඵල අත්පත් කරගත හැක්කේ මෙය හුදු ‘ශිෂ්‍ය නාට්‍ය උළෙලක්’ ලෙස කලාත්මක ධූරාවලියේ පහතට ඇද දැමීම මත නොව එය සමග සම්බන්ධ විය හැකි මහජන අවකාශයක් නිර්මාණය කිරීම මත පමණි. වේදිකාව නම් අත්දැකීම තුළ උත්පාද විය හැකි නවීනත්වයේ නිමේෂයන් පිළිබඳව උනන්දු වන අය මෙම නාට්‍ය උළෙල සමග සම්බන්ධ වීම ප්‍රයෝජනවත් වන්නේ මෙම නිසාය.

පහත දැක්වෙන්නේ හෙටින් ආරම්භ වන නාට්‍ය උළලේ කාල සටහනයි

රංග මනුප්‍රිය

***

Theatre

Stage Corner: Come From Away

On September 11th, 2001, when the planes crashed into the twin towers, U.S. airspace was completely shut down.  This meant that 38 planes with 7000 coming into the northeast needed to be diverted: they ended up in Gander, Newfoundland, a small town with a population of less than 7000 people.  367 more words

Theatre

Trying and Failing

The maxim says that it is better to try and fail than never to try at all. That’s hard enough to do, but there is another maxim that is even harder — if at first you don’t succeed, try, try again. 1,084 more words

My Story

Company Alts

As wardrobe you get a lot of requests some strange, like creating wellies that look like the grinch, and some simple, like this ripped shirt sleeve. 43 more words

Costume

Review: The Band's Visit

There is much being said about how innovative The Band’s Visit is, but I think it draws its strength from the ways in which it is very traditional. 285 more words

Review