Tags » Time For Family

Put Tasks On Hold

My dad used to remind me to do task/s right away. “Deal with it and get it over with” —sometimes easier said than done! We push things that are uncomfortable aside until we (almost) get ourselves in trouble. 124 more words

Christian Life

ආයෝජන

ගෙවෙන තත්පරයක් ගානේ හැල්මේ ඉදිරියට ඇදෙන ලෝකයේ රැකියාවක් කරන නොකරන සියල්ලන්ම පාහේ ඉතාමත් කාර්යබහුල බව අප හැමෝම හොඳින්ම දන්නා කාරණයකි. අස්සයා පසෙක දමා චීටාගේ පිටේ නැගගත්තත් කාලය හා හරි හරි හරියට වේගයෙන් ගමන් කිරීම නූතන ලෝකයේ කාර්යබහුල මනුෂ්‍යයෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.

මේ කාර්ය බහුලත්වය අස්සෙ අධික විඩාවට පත්වෙන මනුස්සයාට යාලුවන්ව යාළුවො විතරක් නෙමෙයි නෑදෑයන් ව පවා මගෑරෙන පාර හැරෙන වාර අනන්තයි අප්‍රමාණයි. කොටින්ම කිව්වොත් තමන්ගෙම පවුලට පවා කාල වේලාව දෙන්න පුදුම සටනක් කරන්න මනුස්සයෙකුට සිද්ධ වෙනවා. හැබැයි පවුලට ආදරේ මනුස්සයෙක් එහෙම සටනක් හරි කරලා පවුලට කාලවේලාව ලබා දෙනවා.

නමුත් WIFI connection එකක් සහ mobile එකක් එකතු වෙන සමහර තැනක මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. මේ දෙකේ ඇබ්බැහිකමෙන් මිදෙන්න බැරිව දුර්වල වුන මිනිස්සු කාර්‍යබහුලත්වය නිදහසට කාරණාවක් කරගෙන ජීවිතේට ඉබාගාතෙ යන්න අරිනවා. තමන්ට උයලා කන්න දෙන, තමන්ගෙ දුක සැප හොයල බලන, තමන්ගේ දරුවන් වෙනුවෙන් කැප වෙන, තමන්ගේ ආදරණීය බිරිඳ වෙනුවෙන් දවසට එක විනාඩි දහයක් වෙන් කරන්න වැඩ ඇරිල ආපු ගමන් ජංගම දුරකථනය නහයේ අලව ගන්නා සැමියෙකුට අපහසුයි. මේක ඇත්තටම කාර්යබහුලත්වය නෙවෙයි. මේක උවමනාවක් නැති කම නිසා විහින් කැඳවාගන්න වින්නැහියක්. ඉස්සර මේ තත්ත්වය ඇතිවුණේ රූපවාහිනිය නිසා. වැඩ ඇරිලා එන සැමියා ටීවී එක ඉස්සරහ කකුල් දෙක වන වන ප්‍රවෘත්ති බලන අතරේ ගෘහණිය කුස්සියේ තනියෙන් නැහෙනවා. කාලෙත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා සැමියයි බිරිඳයි දෙන්නම කුස්සියේ වැඩ වලදී ලිංග භේදයකින් තොරව එකිනෙකාට උදව් කරගන්න සමාජයක් තමයි දැන් තියෙන්නේ. නමුත් අර මං උඩදි කිව්ව වගේ වැඩ ඇරිලා ආවම ගෑණිගෙ මූණ බලන්න ඇඳට යනකන්ම ඉන්න පිරිමින්ට ගෙවල්වල වයිෆ්ලගෙ මූණවල් බලන්න පහු කාලවලදි ඇදෙන අයුතු හස්බන්ඩ්ලා අහු උනාම විස්සෝප වෙනවා ඇරෙන්න වෙන කරන්න දේකුත් නැහැ.

ජේආර් ගෙනාපු පුංචි පවුල රත්තරන් ප්‍රතිපත්තියට එකඟ නොවුණ ඒ කාලෙ පවුල්වල දරුවෝ දහය පහළොව වදාපු අම්මලගෙත්, වැඩ ඇරිලා කෝච්චියේ ඇවිත්, බිරිඳටත් කතාකරලා, දරුවන්ටත් ආදරය කරලා, ඇතිකරන හරක්ටත් සාත්තු කරලා, සතුටින් ජීවත් වුණ තාත්තලගෙත් පවුල ගැන එදා ඒ තිබුණ ආකල්පය, හැඟීම අද අම්මල තාත්තල ළඟ හොයන්න අමාරුයි. කාල කලමනාකරණය ගැන පොර ටෝක් දෙන බහුතරයකට අද වෙනකොට තමන්ගෙ ගෙදර මිනිස්සුන්ට දෙන්න විනාඩි දහයක් නැතිවෙලා තියනවා. වැඩ ඇරිලා ආවම “දවසෙම ෆේස්බුක් ඉන්න බැරි උනා අනේ. ඒකයි මම මේ දැං ටිකක් ෆේස්බුක් එකේ ඉන්නෙ.” ගාගෙන කන වෙලාවටත් නිකට පපුවෙ ගහගෙන ෆෝන් එකට කොටන සැමියන් බිරියන් මේ ලෝකෙ එමටයි.

කන වෙලාවට ෆේස්බුක් යාම ටයිම් මැනේජ්මන්ට් ලෙස අර්ථකථනය කරන තවත් පිරිසකුත් මේ අතර ඉන්නවා. පහු කාලෙක වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්නෙ මේ වගේ පිරිස් තමයි. දවසෙ වේල් තුනෙන් යාන්තමින් එකක් පමණක් එකට ඉඳගෙන කන පවුලක් නං මේ තත්ත්වය හුඟක් භයානකයි. මොකද බිරිඳ බලන් ඉන්නෙ කෑම කටක් කනගමන් මහත්තයා එක්ක ආදරෙන් වචනයක් දෙකක් කතාකරන්න. දවසෙ උන දේවල් බෙදාහදාගන්න. ඒක එහෙම වෙද්දි එකට ඉඳගෙන කන දවසෙ එකම කෑම වේලත් කිසිම හැඟීමක් නැතුව ෆෝන් එකට කොටනගමන් කිරිමැටි ගිලින කිඹුලෙක් එක්ක කන්න කවුද කැමති.

කන වෙලාවටත් ෆෝන් එකේ ඇලීගෙන ඉන්න එක තමන් එක්ක එකට ඉඳගෙන කන මනුස්සයව ගණන් නොගැනීමක්, කිසිම ගරු සැළකිල්ලක් නැති බව පෙන්වීමක්, කොටින්ම ‘උඹට වඩා අවධානය දෙන්න මට වෙන දේවල් තියනවා’ යැයි එක එල්ලේම පැවසීමක්. මේ බව හුඟක් අයට දැනෙන්න ගන්නෙ තමන්ගෙ දරුවො තමන්ට ඒ දේ කරපු දාටයි. අන්න එදාට දරුවන්ට බැණලා වැඩක් නෑ. මොකද දරුවන්ට ඒ ආභාශෙ එන්නෙ අම්මා තාත්තටට් තාත්තා අම්මටත් දක්වපු සැළකිල්ල බලාගෙන ඉඳලයි.

මේක තවත් අප්‍පිරියසහගත වෙනවා මනුස්සයා ෆෝන් එකේ ඉන්න අතරෙ රෑ කලුවරේ වයිෆ්ට තනියම කුණු එක එළියෙන් තියන්න, පාං ගේන්න, ගේට්ටුව වහන්න වගේ වැඩ වල යෙදෙන්න උනහම. ගෑණියෙකුට තනියම මේ දේවල් කරගන්න බැරි නෑ. නමුත් අන්ධකාරයේ තමන්ගෙ ගෑණිව එළියට යවන පිරිමියෙක්ගෙ ක්‍රියාකලාපය ගැහැණු පිරිමි භේවයකින් තොරව සිහිකල්පනාව තියන කිසිම කෙනෙක් අනුමත කරන්නෙ නෑ.

කෙනෙක් කියන්න පුළුවන් එහෙම නොකරන්නෙ ප්‍රින්ස් චාමිංලා විතරයි කියල. එහෙනං හැත්තෑව දශකයට කලින් ඉපදුණ බහුතරය ප්‍රින්ස් චාමිංල ද?

නැහැ…

කසාද සහතිකයට සහ දරුවන්ගෙ උප්පැන්න සහතිකයට එහා ගිය අයිතිවාසිකමක් ඔවුන් තමන්ගෙ පවුල ගැන දරණවා. කන්න දහසක් දේ ගෙනල්ල, අඳින්න ලෝකෙ තියන හොඳම ඇඳුම් ගෙනල්ල, ඉස්තරම්ම සැපසම්පත් දෙපා මුල ගොඩ ගැහුවත් ඕනෙ වෙලාවට ආදරේ නොදුන්නොත් ආදරේ උවමනා මනුස්සයට අර ගොඩ ගහන සම්පත් කටින් එළියට දාපු කෙළ බෙට්ටක් තරම්වත් නොවටිනා බව ඔවුන් දන්නවා. ආදරේ කියන්නෙ දවස පුරාම ගැරඬි දෙන්නෙක් වගේ එතිලා ඉන්න එක නෙවෙයි. ඉන්න ටික වෙලාවෙ හරියට එකට ඉන්න එක. ඒ වෙලාව දවසට පැය දහයද විනාඩි දහයද කියන එකට වඩා ඒ ඉන්න විනාඩි ගණන ඇතුළත එකිනෙකා වෙනුවෙන් ආකල්පමය වශයෙන් කරන ආයෝජනය ඉතා වැදගත්.

සිය වතාවක් කටින් කියලත් එකට ඉන්න ටික වෙලාවෙත් ඔලුව උස්සලා මූණ නොබලා ෆෝන් එකේ නහය ඔබාගෙන ඉන්න පිරිමියෙක් හෝ ගැහැණියෙක් ළඟ ඔබ ඉන්නවානම් ඒ අය වෙනුවෙන් කාලයෙන් සහ හැඟීම් වලින් කරන ඔබේ ආයෝජනය ඵල රහිත බව නිසැකයි. මොකද කිව්වොත් ආදරේ කරන අයට කාලය හෝ හැඟීම් ඉල්ලලා ලබාගන්න එක විෂ සහිතයි. ඒක හරියට ණයක් වගේ. ආයෙ ලැබෙන්න තියන ඉඩ කඩ හරි අඩුයි. දික්කසාද විතරක් නෙවෙයි හුඟක් මිනීමැරුම් පවා නවත්තගන්න පුළුවන් වඩා හොඳ ක්‍රමයක් තමයි තමන් ආයෝජනය කරන හැඟීමට වඩා වටිනාකමක් දෙන කෙනෙක්ව සොයා තෝරාගෙන ජීවිතේ පටන්ගැනීම. අනෙක් අතට, ඔබෙන් අනෙකා බලාපොරොත්තු වෙන ආයෝජනය ඔබට දෙන්න බැරිනං ඔවුන්ගේ ජීවිත වලට එකතු නොවී සිටීම හරිම පිං අතේ වැඩක්.

#සුහාරා

හිතිවිළි කෝටියයි